We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Maha Rahathun Wadi Maga Osse Screenshots

Over Maha Rahathun Wadi Maga Osse

ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය පිණිස.

" ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත්, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි . අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. .

ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යැම බව සිතති. ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. ධර්මය . මෙලොව තුල රහතුන් බිහිවිය හැක. ධර්ම මාර්ගය විවෘතය. දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය. සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

' අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච '

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. සංසාරය අති දීර්ඝයි. ඉමක් කොනක් පණවන්න ...

සංසාර බිය දකිත්වා !!! වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම සංඝරත්නයටයත් දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! වෙත්වා ...!!! වෙත්වා ...!!! ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ..!!!

Maha Rahathun Wadi Maga Osse | මහරහතුන් වැඩිමඟ ඔස්සේ Mobiele APP.

Wat is er nieuw in de nieuwste versie 1.6.9

Last updated on Nov 6, 2024

- Minor bug fixes.

Vertaling Laden...

Aanvullende APP -informatie

Laatste Versie

Verzoek update van Maha Rahathun Wadi Maga Osse 1.6.9

Geüpload door

Leann Hamilton

Android vereist

Android 5.0+

Available on

Verkrijg Maha Rahathun Wadi Maga Osse via Google Play

Meer Info
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succesvol ingeschreven!
Je bent nu geabonneerd op APKPure.
Abonneer u op APKPure
Wees de eerste die toegang krijgt tot de vroege release, nieuws en gidsen van de beste Android -games en apps.
Nee bedankt
Aanmelden
Succes!
Je bent nu geabonneerd op onze nieuwsbrief.